Colombo Today Local News

දඩුවමට උරණ වූ සිසුන් දෙදෙනෙක් පාසලට ගිනි තියයි

පානදුර ප්‍රදේශයේ පාසලක විදුහල්පති නිල කාමරයට සහ පරිගණක විද්‍යාගාරයට ගිනිතබා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 12ක සහ 8ක දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුවෙකු විසින් විදුහලට පැළඳගෙන ආ අත්පළඳා සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් මීට දින කිහිපයකට පෙර ලබාදුන් දඬුවමකට උරණවී විදුහල්පතිවරයාගේ පුටුවට ගිනි තබමු යැයි කථිකා කර ගෙන අදාළ සිසුන් දෙදෙනා විසින් මෙය සිදුකර ඇතැයි අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

පානදුර උතුර පොලීසියට ඊයේ (03)දින සවස 5.00ට පමණ පාසලක ගින්නක් ඇති වී ඇති බව ලද තොරතුරක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ගින්නෙන් පරිගණක විද්‍යාගාරයේ තිබූ පරිගණක විස්සකට අධික ප්‍රමාණයක් සහ එහි උපාංග, විදුලි පංකා, පෙළ පොත් විශාල ප්‍රමාණයක්, විදුහල්පතිගේ පුටුව සහ කුසලාන රැසක් ද විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

ගින්න ඇති වන මොහොතේ පාසල වසා දමා තිබී ඇති අතර, ගිනි ජාලා ඉහළට නැගෙනු දුටු ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.

අදාළ සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාගේ කාමරයේ තිබූ යතුරු රැගෙන අනෙකුත් පන්ති කාමර විවෘත කර එහි තිබූ බඩු භාණ්ඩ අවුස්සා දමා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.

පානදුර උතුර පොලීසිය මඟින් එම ප්‍රදේශයේ මාර්ගයේ දෙපස ඇති CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනාවරණය වී ඇත්තේ පාසලේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු පා පැදියකින් ගමන් කර, ඉන් මද වේලාවකට පසු නැවත පැමිණෙන ආකාරයයි.

පසුව එම දර්ශනවලට අදාළව සිදුකළ පරීක්ෂණවලින් එම සිසුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ.

සිසුන් දෙදෙනෙක් පාසලට ගිනි තියයි
image b1209a1ee2
image def130e82e

Related posts

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

colombotoday

බැසිල් පාරෙත් ලයිට් නිවයි

colombotoday

පරපුටුවන්ගේ දුටුගැමුණු භීතිකාවට අපේ කාලයේ ශාස්ත්‍රවන්තයෙකුගෙන් පිළිතුරක්

colombotoday

ජනපති අපේක්ෂකයා නම් කිරීමට ප්‍රථමව මෛත්‍රී – මහින්ද රහසේ සාකච්ඡාවක.

colombotoday

වැඩි කළ ලිට්‍රෝ ගෑස් මිල යළි අඩු කරයි – අලුත්ම මිල ගණන් මෙන්න

colombotoday

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday