Colombo Today Local News

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදුකරන චෝදනාව අසත්‍ය බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ, නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට සිදු කළ චෝදනාවය.

පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පාලනය කළ වත්මන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණ සහ දූෂණ විරෝධි හඬ සංවිධානය ඊයේ (03) අනාවරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී එම වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රසිද්ධ කෙරුණි.

කෙසේවෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ 2014 වසරේදී මහ බැංකුව විසින් මෙම ගෙවීම් සිදුකර ඇත්තේ රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත බවය.

ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් මෙම ගෙවීම සිදුකර ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කබ්රාල් මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

‘අගමැති කාලගුණ අනාවැකි නොපිළිගන්නවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුයි‘ – අනුර යාපා

colombotoday

නව ව්‍යවස්ථාව අත්හරින්න – මහා නාහිමිවරු ඇතුළු සියක් නමකගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

colombotoday

මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට කොටුවෙයි

Admin

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday