Colombo Today Local News

මුසවේනිගේ 5 වන දිවුරුම්දීමට හිටපු ජනපතිට උගන්ඩාවෙන් විශේෂ ආරාධනාවක්.. යෝෂිතට යෑම තහනම්

උගන්ඩා ජනාධිපති යෝවේරි මුසවේනි 05 වැනි වරටත් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන උත්සවයේ විශේෂ ආරාධිතයෙක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිත බව බී.බී.සී.ය කියයි.

උගන්ඩා රජයේ ආරාධනාව පිළිගෙන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වන බව හිටපු ජනාධිපතිවරයා දැනටමත් දැනුම්දී තිබෙන බව ඔහුගේ ප්‍රකාශකයෙකු බී.බී.සී.යට පැවසූ බවද කියයි.

මේ අතර සිය පියා සමග උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගි වීමට අවසර දෙන මෙන් හිටපු ජනපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබුණි.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් රූපවාහිනී නාළිකාවට එරෙහිව එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂ මහතාගේ ගමන් බලපත්‍රය අධිකරණය මගින් තහනම් කර තිබේ.

Related posts

“‘සීපා’ වෙනුවට ‘ඉට්කා’ එයි.. IT ක්ෂේත්‍රයම ඉන්දියාව ගිල ගනී” – ජානිපෙ

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

ඔලිම්පික් යන වැදි පරපුරේ පුංචි බණ්ඩා, රටවල් 60ක ක්‍රීඩකයන් 600ක් පරදා පෙරටම…

colombotoday

ලෝක ළමා දිනය අදයි

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනපති සිරිසේන පැහැර හැරියා – රුවන් විජේවර්ධන

colombotoday