Colombo Today Local News

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (13) දිනයේ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව , බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව ද නිවේදනය කරයි.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි.

Related posts

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුවට

colombotoday

තවමත් සභාපති හදුන්නෙත්ති.. බැදුම්කර හොරු තීන්දුයි.. COPE වාර්තාව මුද්‍රණයේ.. ජවිපෙන් නිවේදනයක්

colombotoday

අත්අඩංගුවට නොගන්නැයි ජොනීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

හෝමාගම බස් රථයක් අනතුරකට

Admin

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

colombotoday