Colombo Today Local News

රණවිරු සැමරුම් මාසය අද සිට ඇරඹේ

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජාතික රණවිරු කොඩිය පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී අද (04)දින පෙරවරුවේ සිදු විය.

මෙම රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පැළඳවීම රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය අතින් සිදුකෙරිණි.

දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කිරීම රණවිරු මාසයේදී සිදුකෙරෙන අතර මැයි මාසයේ පළමු සතියේ ජනාධිපතිතුමාට ජාතික රණවිරු කොඩිය පැළඳ වූ දින සිට රණවිරු සැමරුම් මාසය ඇරඹේ.

ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Related posts

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Admin

නබි තුමා හීනෙන් කිවායැයි පවසා 77ක් වයසැති ජෙලීල් මොහොදීන් වැලිගම අවුරුදු 17ක දැරියක් සහේට ගනී

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

නිවෙස් වලට පනින කුඩ්ඩා මාංචු පිටින් මුහුදට පැන පීනා යයි

Admin