Colombo Today Local News

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

පොළොන්නරුව, සුංගාවිල මාර්ගයේ කිලෝමීටර් 16 කණුව ආසන්නයේ ඊයේ (10) දහවල් සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් වෙනත් වාහනයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

එහිදී පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරු කර යවා තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ සුංගාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු රිය අනතුරු ඉහළ ගිහින්

colombotoday

පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා.. රාජිත පුත් චතුරට පොලීසියෙන් නඩු

colombotoday

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

NGO නඩයක් කොළඹට එකතු වෙයි… ජනපතිට විරෝධය පා ජාතික ගීය දෙමළෙන් කියයි !

colombotoday

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

colombotoday