Colombo Today Local News

දිවයින පුරා තැපැල් සේවකයින් අදත් සංකේත වැඩවර්ජනයක..

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද(11)ත් ක්‍රියාත්මක වෙයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

වැඩවර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,000ක් එක්ව සිටින බව ඔහු පවසයි.

රුපියල් 20,000ක දීමනාවක් ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදිය යුතු බවට බලකිරීම මෙම වැඩවර්ජනයේ තවත් අරමුණක් බව ඔහු සඳහන් කළේ ය.

දිවයින පුරා තැපැල් සේවකයින් ඊයේ පස්වරු 4.00 සිට ආරම්භ කළ සංඛේත වැඩවර්ජනය හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක වෙයි.

Related posts

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Admin

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් හදිසි මරණ පරීක්ෂකවරයෙක් බඳවා ගනු. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් නියෝග

colombotoday

ත්‍රිමලේ වරාය ඉන්දියාවට දුන්නොත් ජාතික ආරක්ෂාවට අනතුරක් – ආරක්ෂක ප්‍රධානීන් අනතුරු අගවති

colombotoday

පාසල් සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

Admin

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday