Colombo Today Local News

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බව කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා පවසා ඇති බවට වාර්තා වේ.

මේ බව ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා පැවැති හමුවකදී සදහන් කර ඇත.

තවද මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ලබා දෙන කෙටි කාලීන මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව අගය කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

තම කාර්යාලය ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමඟ ද කටයුතු කරන බවත් , ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ‘ප්‍රතිව්‍යුහගත’ කරන ලෙස ඉල්ලමින් මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය තවදුරත් ප්‍රකාශ කර ඇති බවට වාර්තා වී තිබේ.

Related posts

කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

colombotoday

ඥානසාර හිමි හැකි ඉක්මනින් නිදහස් කරනවා – ජනපතිගෙන් භික්ෂූන් වහන්සේලාට පොරොන්දුවක්

colombotoday

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දෙදෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

colombotoday

බල්ලෙක් හපා කෑවාට අපි බල්ලව හපන්නෙ නෑ.. ජෝන්ගෙන් රාජිතට සැර ප්‍රහාරයක්

colombotoday

සංහිදියාවෙන් මේ රට සුරපුරයක් කළ හැකියි.. පල්ලි කෝවිල් ගිනි තියල ඒක කරන්න බෑ – සජිත් යාපනේදී කියයි

colombotoday

රත්නපුර සියලු උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු නවත්වයි

colombotoday