Colombo Today Local News

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දෙදෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

අධික වර්ෂාපතනය හේතුවෙන් පැල්මඩුල්ල, කුට්ටපිටිය, ප්‍රදේශයේ නිවාස පෙළක ද ජල පහරක් අනතුරුදායක ලෙස ගලායාමත් සමග නිවාස 17ක සිටි පුද්ගලයින් 60 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ අනතුරු හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ දෙකක් ද වාර්තා වී තිබේ.

වේවැල්වත්ත, බටේපොල ප්‍රදේශයේ නිවසක කොටසක් නායයාමකට ලක්විමෙන් 09 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති බවත් රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේදී වෙළදසැලක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි 30 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බවත් පොලීසිය පැවසුවේය.

මීට අමතරව රත්නපුර, කහන්ගම ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි මවක් සහ දියණියක් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කළු, ගිං, නිල්වලා සහ කැළණි යන ගංඟා වල ජල මට්ටම් ප්‍රදේශ කිහිපයකින් ඉහල ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් රත්නපුර දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර කළු ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් ප්‍රදේශ කිහිපයකට සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීල් කොඩ්ප්පිලි මහතා පැවසුවේය.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් නෙළුව, තවලම, නාගොඩ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේය.

මේ අතර අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරත දිග කොටසේ පවතින මෙම වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන අතර නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 පමණ තඳ වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්

colombotoday

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

colombotoday

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

colombotoday

GI බට නඩුව : ඇමති බැසිල් හා කිත්සිරිට එරෙහි අධිචෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කර ගනී

colombotoday

මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කරයි

colombotoday