Colombo Today Local News

කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණෟඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා යැවිය හැකි බව කී මන්ත්‍රීවරයා රට අරාජික බවට අගවිනිසුරු පිළිගතහොත් කතානායකවරයාට ජනාධිපති ධුරය ද දැරීමට අවස්ථාව හිමිවන බවද පැවසීය.

එහිදී අගවිනිසුරුවරයා රට අරාජික වීමට හේතු විමසා බලන අතර චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇත්දැයි යන්න විමසා බලන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

අද (18) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

පාර්ලිමේන්තුවෙන් එළියට විසි උණු රන්ජන්ගේ පුටුවට අජිත් ?

colombotoday

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

colombotoday

“ජාත්‍යන්තර යුද අධිකරණයක් ලංකාවට ඕනමයි” – හුසේන්ගෙන් දැඩි තීරණයක් !

colombotoday

විමල්ගේ පාර්ලිමේන්තු උපන්දින සැමරුමට රීති ප්‍රශ්නයක්

colombotoday

කොරෝනා මරණ වැළලීමට ඉල්ලු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි. – Breaking News

colombotoday

යතුරැ පැදියේ ගැටුණු ගැබිනි මවගේ කුසෙහි බිළිදා මියයයි. – යතුරැ පැදි කරැ රිමාන්ඩ්

colombotoday