Colombo Today Local News

යතුරැ පැදියේ ගැටුණු ගැබිනි මවගේ කුසෙහි බිළිදා මියයයි. – යතුරැ පැදි කරැ රිමාන්ඩ්

මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස පදිකමාරුවේදී මාරක අනතුරක් සිදුකළ යතුරුපැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මොරටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු මාර්ග නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ මස පළමු වැනිදා රුපියල් 15,000ක දඩයකට ලක්වු අයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර පදිකමාරුවේදී අනතුරට ලක්වු කාන්තාවගේ කුස තුළ සිටි දරුවා ද මියගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ අදාළ කාන්තාව බරපතළ තත්වයේ පසුවන අතර ඇය මේ වනවිට ශෛල්‍යකර්මයකට භාජනයකර ඇති බවය.

පදිකමාරුව හරහා ගමන් කරමින් සිටිය දී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අදාළ කාන්තාව සහ දැරිවියන් දෙදෙනෙකු ඊයේ (04)දින රාත්‍රීයේ අනතුරට ලක්විය.

අනතුරෙන් අවුරුද්දක් වයසැති දැරිවිය සහ අවුරුදු 7ක වයසැති දැරිවිය එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

යතුරුපැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි එම තිදෙනා ගැටුණු බව සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය.

Related posts

උසස් පෙළ විභාගය යලි කල් යයි

Admin

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වගකීම භාරගන්නේ කවුද? මුජුබර් රහුමාන් අසයි.

colombotoday

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

colombotoday

ඊළම දකුණු පළාත දක්වා දිගුවෙයි.. කොටි සමරන්න අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලයි

colombotoday