Colombo Today Local News

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් යළි පත්කරයි

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමග පැවැති ආණ්ඩුව අහෝසිවී ඇති බැවින් ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල අනුව ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු තිදෙනෙක් ඊයේ සිට පත් කර සිටිති.

මෙතෙක් එම අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ අයම නැවත එම තනතුරු සඳහා පත් කර ඇත.ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස – විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න , මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් , මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් නැවත එම ධුර සඳහා පත්ව සිටිති.

Related posts

මම ආර්ථික අර්බුදය ස්වේච්ඡා පදනමින් ලිහා දෙන්නම් – බන්දුල ගුණවර්ධන

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

colombotoday

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin

“ආවා“ කල්ලියේ ලොක්කෙක් පාර අහුරා පොලීසියට තග දමන හැටි මෙන්න (Video)

colombotoday

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

colombotoday