Colombo Today Local News

හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට

සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රොහාන් වැලිවිට මහතා සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන පැය තුනකට පසුව මුදාහැර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

රොහාන් වැලිවිට මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (25) සිංගප්පූරුව වෙත ගොස් ඇති අතර එහිදී සිංගප්පූරු ගුවන්තොටුපොළ බලධාරීන් මුදල් විශුද්ධිකරණය හා ගුවන් ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප‍්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව රොහාන් වැලිවිට මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පසුව අධිකරණය මඟින් මුදාහරින ලදී.

ලංකාදීප

Related posts

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin

තේරීම් කාරක සභාව පිලිබඳ ගැටලුවට නිත්‍යානුකුල පිළිතුර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පහදයි

colombotoday

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday

නිදා සිටි පුද්ගලයකුගේ හිසට පිහියෙන් ඇන මරා දාලා

Admin

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday