Colombo Today Local News

ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කීවේ ඇයි ? අස්ගිරි අනුනාහිමියෝ පැහැදිලි කරති

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් පැවති පිංකමේදී ‘ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිට්ලර්ට සමාන කර ඇති නමුත්, හිට්ලර් කෙනෙක් වී පැමිණ හෝ රට සංවර්ධනය කරන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් කළ ප්‍රකාශය‘ පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතැමුන් වැරදි අර්ථකථන ලබාදීමේ උත්සහයක් ඇති බව තමන්වහන්සේ කල අනුශාසන පිළිබද පැහැදිලි කරමින් එමිහියන් සඳහන් කරයි. හිට්ලර් යනුවෙන් පවසා තමන් එලෙස භයානක දෙයක් අදහස් නොකළ බවත්, මාධ්‍ය මගින් සම්පූර්ණ අනුශාසනාව ප්‍රචාරය නොකළ බවත් එහිමියන් පවසයි.

‘‘එහෙම හානිකර පුද්ගලයෙක් නිර්මාණය කරන්න කියන එක නෙවෙයි කියන්නේ. රට, ජාතිය, ආගම කොයි විදියටද හැදෙන්න ඕන කියන එක තමයි අපි කියන්නේ.මේ බොදු ජනතාවට යහපතක් වෙන විදියට දැහැමෙන්, සෙමෙන් වගේම අණ, බණ දෙකම තියෙන්න ඕන. අණ කියන එක හානිකර තත්වයක් නෙවෙයි. හොඳ තීන්දු අරගෙන රටට යහපතක් වෙන්නයි ඕන,” යනුවෙන්ද එමිහියන් සඳහන් කරයි.

“අපි කියන්නේ දහම පමණක් නොවෙයි, ටිකක් රටට හිතකර තීන්දු, තීරණ විදියට ගන්නවනම් හොඳයි කියන එක” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ එහිමියෝ බෞද්ධ භික්ෂුවක වශයෙන් තමන්ට දරුණු පාලනයක් හෝ “හිට්ලර් කෙනෙක් වෙන්න” හෝ යෝජනා කළ නොහැකි බැවින් සිය සම්පූර්ණ අනුශාසනාවේ අර්ථය වටහාගත යුතු බව සඳහන් කරයි.

Related posts

මේ ආණ්ඩුව ඇවිත් මාස දෙකෙන් භාණ්ඩාගාරය කොල්ල කෑවා – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

colombotoday

‘ශ්‍රී ලංකාව, තමිල්ණාඩුව, ආන්ද්‍රා ප්‍රදේශ්’ එකම සංචාරක කලාපයක් කරන්න දෙරටේ එකගතාවය !

colombotoday

නාවික හමුදාව සංගීතය සපයද්දී යලි නැගිටින්න ප්‍රාර්ථනයක්

colombotoday

රාමසාන් උත්සවයකට ගිය මන්ත්‍රී අලි සබ්ර් ජනතා විරෝධ හමුවේ තහඩු වැටකින් පැන යයි

colombotoday

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද එළිදකී

Admin

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday