Colombo Today Local News

කිළිනොච්චියේදී මිලේච්ඡයෝ දුර්ලභගනයේ දිවියෙකු මරා දමමින් කළ අහස පොළව නුහුලන අපරාධය

කිලිනොච්චියේ අම්බාලකුලම් ගම්මානයට අද කඩාවැදුණු දිවියෙකු එහි වැසියන් 10 දෙනෙකු සපා කෑමෙන් අනතුරුව ගම්වාසින් එක්ව දිවියාට පහරදී මරා දමා තිබෙනවා. ගම්මානයේ එළුවන් සහ ගවයින් දඩයම් කිරීමට මේ දිවියා පැමිණ තිබූ අතර පසුව ගම්වාසීන්ගේ නොසන්සුන්තාවය හමුවේ සත්ත්වයා අසල තිබූ වගාබිමක සැඟවී සිට තිබෙනවා. කෙසේ නමුත් වනජීවී නිලධාරීන් දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් පසුවද එම නිලධාරියෙකුට පහරදී ඇති අතර පසුව ඔහු රෝහල් ගත කිරීමට පියවර ගත්තා. ඉන් පසුව කෝපයට පත් ජනතාව දිවියා ට පහරදීමට යාමේදී නැවතත් ගම්වාසීන් 5 දෙනෙකු සපා කා තිබෙනවා.

කෙසේ නමුත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගම්වාසීන් පොලු මුගුරු වලින් දිවියාට දරුණු ලෙස පහරදී ඝාතනය කර තිබුනා. මරුමුවට පත්වූ දිවියා වඳවීයෑමේ තර්ජනයට ලක්ව තිබෙන සත්ත්වයෙකු බවට වනජීවී නිලධාරීන් දැනසිටියද ගම්වාසීන් පහරදෙන අවස්ථාවේ ඔවුන් ඊට මැදිහත්වී නොතිබීම විශ්මයට කරුණක්. කෙසේ නමුත් මේ වනවිට අදාල වනජීවී නිලධාරීන්ට සිද්ධිය සම්බන්ධව නොයෙකුත් අංශ වලින් චෝදනා එල්ලවෙමින් පවතිනවා. ඝාතනයට ලක්වීමෙන් පසුවද දිවියාට විවිධාකාරයේ හිංසා සිදුකරන අයුරු කැමරා කාචයේ සටහන් වී තිබුනා.

Related posts

ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී කොටි කුක්කෙකුට දිවා භෝජන සංග්‍රහයක්… වියදම ශ්‍රී ලංකා රජයෙන්…

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට වැසෙයි.

colombotoday

අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාර

Admin

මුහුණු පොතට ඩොලර් බිලියන 5 ක දඩයක්

colombotoday

චතුරගේ, අරලිය මැදුරේ මගුල ගැන අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක්.. එය අපේ ආණ්ඩුවෙන් ජාතියට කල බලවත් වරදක් – ඇමති වජිර අබේවර්ධන

colombotoday