Colombo Today Local News

ජපානයේදී උදයංග හමුවූ නි.ඇමති අරුන්දිකට වැඩ වරදී.. FCID යන්න වෙයි !

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.

එම කොට්ඨාසය විසින් කරන ලද දැනුම්දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට ටික වේලාවකට පෙර නියෝජ්‍ය අමාත්‍යවරයා එහි පැමිණි බව  අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා ජපානයේ දී සිදුව තිබුණි.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නියෝජ්‍ය  අමාත්‍යවරයා මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තා වේ

Related posts

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin

මන්ත්‍රීලාගේ කල්ල මරේ !.. දීමනා ඩබල් වෙයි.. තව පඩි වැඩි කරන්නත් තීන්දුයි

colombotoday

සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කිරීම් දිගටම

colombotoday

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

කලුගංතොට සිංහයා අද නික්ම යයි

Admin