Colombo Today Local News

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේ විවාදයකට එක්වෙමින් අද (05)දින පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්‍ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ. දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න. එක එක්කෙනාට නීති දාන්න පුළුවන්. ඒ නීතිවලට යටත්වෙලා සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න බෑ”

“හර්ෂ මන්ත්‍රිතුමා කියනවා සංචාරකයො දින 14 ක් තියන්න ඕන කියලා. ඔබතුමා දන්නවා සංචාරකයෝ පසුගිය ඉතිහාසය පුරා ඇවිත් තියෙන්නේ දින 10 යි, 12 යි, 14 යි. ඔබතුමාලා කියන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා, කාමර ඇතුළේ නිදියගෙන ඉඳලා ආපහු යන්න කියලද? එහෙම සංචාරකයන්ට පිස්සුවක් නෑ බුදියගෙන ඉදලා යන්න”

“සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්‍ෂ 30 ක් ජනතාව මාස නවයක් තිස්සේ තමන්ගේ වාරික ගෙවා ගන්න බැරිව ඉන්නවා. එදිනදා කටයුතු කරගන්න බැරිව ඉන්නවා. ඒ නිසා තමයි රජය උත්සාහ කරන්නේ නියමු ව්‍යාපෘතියක් විදියට මේ ජනවාරි මාසයේ ගුවන්තොටුපළ විවෘත කරලා ශ්‍රී ලාංකිකයන්ව ඕනම වාණිජ ගුවන්යානයකින් ගෙන්න පුළුවන්ද කියලා බලන්න. සංචාරක කර්මාන්තය සඳහා ගුවන්තොටුපළ විවෘත කරන්න පු`ඵවන්ද කියලා බලන්නේ මේ නියමු ව්‍යාපෘතියෙන්”

“නියමු ව්‍යාපෘතියක අඩුපාඩු තියෙන්න පුඵවන්. වැරදි වෙන්න පුළුවන්. අපි වැරදි හදාගෙන, අඩු පාඩු හදාගෙන මේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අහිංසක ජනතාවට යම්කිසි ආදායමක් එන විදියට මේ කර්මාන්ත විවෘත කරන්නයි”

සමඟි ජනබලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මුලසුනේ අවසර ඇතිව මෙසේ අදහස් දැක්වීය.
“ඇමතිතුමා, මම කිව්වේ නිරෝධායනය දින හතකට අඩු කරලා තියෙනවා. දින 14 ක නිරෝධානය අඩු කරලා තියෙන්නේ කොන්දේසියක් සමඟ. ඒක තමයි ගුවන් තොටුපළේ පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. දින තුනෙන් පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. දින හයෙන් පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. අපි ඇහුවේ ඒ පී.සී.ආර්. තුන කරලද කියලයි”

නිමල් ලංසා ඇමතිවරයා ඉන් පසුව මෙසේ පිළිතුරු සැපයීය.
“සංචාරක බුබුළු විදියට ගෙනාපුවම පී.සී.ආර්. දෙකක් කරාම ඇති කියන එක තමයි දැනට දීලා තියෙන නිර්දේශය. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ අය බාහිර සාමාජ සමඟ කටයුතු කරන්න යන්නේ නෑ”

Related posts

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Admin

TNA පළුවක් ගැලවේ, විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්?

colombotoday

කැබිනට් සංශෝධනයට නිහඬ විරෝධයක් : ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති

colombotoday

මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරිය ගැන රජය තීරණයක් ගනී.. තානාපති ධුරත් අවලංගුයි !!

colombotoday

පුංචි ඡන්දයට මහින්ද, විමල්, වාසු “අපේ නිදහස්‌ පෙරමුණෙන්”

colombotoday