Colombo Today Local News

කැබිනට් සංශෝධනයට නිහඬ විරෝධයක් : ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති

අද දිනයේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත වුව ද අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද දිනයේදී විදේශ ගත වීමට නියමිතය.

අමාත්‍ය අර්ජුන රණතුංග  මහතා අද (25දා) අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. – 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබේ.

අර්ජුන රණතුංග තමන්ගේ ඇමති ධුරය වෙනස් කලහොත් කිසිදු ඇමති ධුරයක් බාර නොගනු ඇති ඇමතිවරයාගේ සමීප ආරංචි මාර්ග කියා සිටී.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දහවල් 1.55 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත්ව යෑමට නියමිතය.

අමාත්‍ය සරත් අමුණුගම මහතා අද දින දහවල් 2.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L. – 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතය.

අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද දහවල් 12.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතය.

මේ අතර ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතාගෙන් කරන ලද ඉල්ලීමන් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයිද පැවසේ.

Related posts

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

එජාපය අන්තිම තුරුම්පුව ගසයි. කතානායක නව අගමැති පිළිනොගන්නා බව කියයි

colombotoday

සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑ

colombotoday

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

දිනක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් 389දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday