Colombo Today Local News

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනයට සැකපිට සාමනේර හිමිනමගේ මාපියන් ඇතුළු 4ක් අල්ලයි..

හංවැල්ල තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි.

ඒ අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමගේ මාපියන් ද ඇතුළත් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පොලිස් නිලධාරිනියකගේ සැමියකු පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර සැකකරුවන් පැමිණි වෑන් රථය ද හඳුනාගෙන ඇති බව කියයි.

ඉකුත් 2දා කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි සැකකරුවන් එහි සිටි දණගස්වා තර්ජනය කොට 65 හැවිරිදි ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධියෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකදී පැහැර ගත් ස්වාමීන් වහන්සේ බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ තිබී (04) දා සොයාගත් බව කියයි.

එම මළ සිරුර පුළුස්සා දමා ඇති අතර එය වලදැමීම සදහා සුසාන භූමියේම කුඩා වලක් ද කපා තිබූ බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

පාඨලීගේ දුරකථන සංවාද සවන් දුන් CID නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳව‍යි

colombotoday

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

colombotoday

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

අඩු ආදායම් ලබන ජනතාවට හැම සහනයක්ම දෙනවා – දිනේෂ් ගුණවර්ධන

Admin