Colombo Today Local News

බලු දඩයක් එයි.. ලියාපදිංචි නොකළොත් දහදාහක් දඩ

DOG

පළාත් පාලන ආයතනයන්ට අයත් පරිපාලන සීමාව තුළ සිටින සියලුම සුනඛයින් වාර්ෂිකව ලියාපදිංචි කළ යුතු බවත් ලියාපදිංචි ගාස්තුව ඒ ඒ පාළාත් පාලන ආයතන විසින් තීරණය කරනු ඇති බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය කියයි.

ඒ අයුරින් සුනඛයින් ලියාපදිංචි නොකරන්නේනම් රුපයිල් 10,000.00 ක උපරිම මුදලක් දක්වා දඩ පැනවීමට තීරණය කර ඇති බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අයාලේ යන සුනඛයින්ගෙන් මහජනතාවට සිදුවන පීඩාවන් වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉහත පියවර ගැනිමට නියමිතය.

එසේම සුනඛයින් ලියාපදිංචි කිරීමේදී ජල භීතිකා එන්නත ලබාදීම අනිවාර්ය කිරිමටත් නියමිතය.

Related posts

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin

රට හීන පෙන්නා මුදල් ගැරූ නියාගම ප්‍රා.ස.හිටපු සභාපතිට වැඩ වරදී

Admin

ගෝඨාභය ජනාධිපතිවරණයට එන බවක් මහින්ද කිව්වේ නැතිලු

colombotoday

යහපාලනය සිංහයාගේ වලිගය පෑගුවා: යෝෂිත හිර කිරීම ගැන රෝහිත කියන කතාව

colombotoday

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5400ක් ඉන්න තැන් සොයයි

Admin

උණ්ඩියල් ක්‍රමයට විදේශීය මුදල් හුවමාරු කල පුද්ගලයෙක් මි. 16.7ක විදෙස් මුදල් සමග අත්අඩංගුවට

colombotoday