Colombo Today Local News

සියල්ල හෙළි වේ… කිඹුලා ඇලට වැටුණු සුපිරි රථය ඇමති කබීර්ගේ ”බැදුම්කර” ගනුදෙනුවට සම්බන්ද ඥාතියෙකුගේයි

ඊයේ (17) අලුයම 6.15ට පමණ තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ අති සුඛෝපභෝගී BMW i8 මෝටර් රථයේ හිමිකරු අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන ඥාතියෙකු බවට අනාවරණය වී තිබෙනවා.

කබීර් හෂීම් ඇමතිවරයාගේ මස්සිනා කෙනෙකු ද වන මොහු ඇමතිවරයාගේ අමාත්‍යාංශට අයත් ආයතනවල රැකියා මුස්ලිම් ජාතිකයන්ට මුදලට ලබා දීම පිළිබදව පසුගිය කාලයේ චෝදනාවට ලක්වී තිබිණි. මෙම පුද්ගලයා ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙණුවේදී ද විශල වැඩකොටසක් සිදුකළ පුද්ගලයෙකු බව ද කියවේ. ඔහුගේ ව්‍යාපාරික සගයා වන නිරෝෂන් විජේසුන්දර අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම ඥාතියෙකි.

අනතුරට ලක්වූ BMW i8 මෝටර් රථය මොහු මිලදී ගෙන ඇත්තේ කොළඹ ඉසිපතන මාවතේ, BMW- Bavarian Motors Pvt Ltd ආයතනයෙනි. එහි හිමිකරු රිෂාඩ් හමීඩ් නමැත්තෙකි. එම ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු බවද මීට පෙර කියැවිණි.

රග්බි ක්‍රීඩක තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් ද රහස් පොලිසිය මොහුගෙන් කටඋත්තර ලබාගෙන තිබිණ. අති සුඛෝපභෝගී ලැම්බෝගිනියක් ශ්‍රී ලංකාව ගෙන එම සම්බන්ධයෙන් මොහුගේ බිරිඳ පසුගිය මාස කිහිපයකට පෙර සමාජ මාධ්‍ය අතර කතාබහට ලක්ව සිටියාය.

කෙසේ වෙතත් අනතුරට පත්වූ අදාල රථය ජනපති පුත් දහම් සිරිසේනගේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණු අතර එම ප්‍රචාරයට මුල්වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකුට සම්බන්ධ පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසිනි.

අදාල සිදුවීම ගොඩින් බේරාගැනීම සදහා ප්‍රබල මුස්ම් ව්‍යාපාරිකයන් පිරිසක් පොලිසියේ ඉහළම තැන් අමතා ඇති බවද දැනගන්නට ලැබී තිබේ.

Related posts

ඉන්සියුලින් මෙරටදී නිෂ්පාදනයට සැලැස්මක්

colombotoday

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

“සිංහලේ රට” සුද්දන්ට සිලෝන් වූ හැටිත් ප්‍රභාකරන්ට ඊළම වූ හැටිත් ගම්මන්පිල පහදයි [Video]

colombotoday

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

colombotoday

කොළඹ මහ රෝහලේ සේවකයො ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

colombotoday