Colombo Today Local News

පොහොට්ටුව පළාත්සභා මැතිවරණයට සූදානම්.. මහ ඇමති අපේක්ෂකයන්ගේ නම් යෝජනා වෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේකෂක ධුරයන් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම යෝජනා වී ඇති බව පැවසේ.

උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සහදා පළමුවෙන්ම මැතිවරණය පැවැත්වීමට නියමිතය. සබරගමුව මහ ඇමති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, උතුරු මැද මහ ඇමති ධුරයට සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා හා රෝෂාන් රණසිංහ මහතාද යෝජනා වී ඇත.

නැගෙනහිර පළාත මහඇමති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ නම යෝජනා වී ඇති අතර, එම පළාත මුස්ලිම් බහුතරයකින් යුතු බැවින් මුස්ම් අපෙක්ෂකයෙකු ඉදිරිත් කිරීමටද අවධානය යොමුව ඇතැයි පැවසේ.

එමෙන්ම උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, සබරගමුව හිටපු මහ ඇමති මහීපාල හේරත්, කංචන ජයරත්න මහත්වරුන්ගේ නම්ද නැගෙනහිර මහ ඇමති ධුරය සදහා කැබිනට් ඇමතිවරයෙක්ද යෝජනා වී ඇති අතර මැතිවරණය කැදවූ විගස ඇමති ධුරය අතහැර පොදුජන පෙරමුණ හා එක්වනු ඇතැයිද වාර්තා වෙයි.

 

Related posts

ලක්ෂ 6යේ පුටුව ගැන විමල්ගෙන් හදුන්නෙත්තිට පිළිතුරු !

colombotoday

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ තවත් කතා එළියට… ළගදීම තවත් හෙළිදරව්වක්…

colombotoday

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday

එජාපය හොරු සමග හෙළුවෙං හිටගනී.. අර්ජුන් සුද්ද කරන්න වෙනම කෝප් වාර්තාවක් ගෙනෙයි

colombotoday