Colombo Today Local News

අරණායක තවත් කන්දක් නාය යයි

f5dc59d262fc73ab0d5b7d497d38ff50_L

අරණායක, අම්බලකන්ද, බෙරවිල, කබරගල කන්ද ඊයේ (21) පස්වරුවේ නායගොස් තිබේ.

අක්කර 10 කට ආසන්න භූමි ප්‍රමාණයක් නායයාමකට ලක්වී ඇති බවත් නමුත් නායයාමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැති බවත් වාර්තා වේ.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව මීට දින කිහිපයකට පමණ පෙර එම ප්‍රදේශවල සිටි ජනතාව ඉවත් කරනු ලැබූ අතර තවමත් විටින් විට කන්දෙහි කොටස් නායයමින් පවතින බව වාර්තා වේ.

මේ අතර, නායයාම සිදුවන අවස්ථාවන් දැක බලා ගැනීම සදහා අරණායක ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරයි. එලෙස පැමිණෙන ජනතාව හේතුවෙන් අරණායක – මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතී. එය සහනසේවා කණ්ඩායම්වල වැඩකටයුතුවලට බාධා මතුකර ඇත.

Related posts

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday

හිටපු ආරක්ෂක ලේකම් ගුවන්තොටුපළේ රදවාගෙන ප්‍රශ්න කරයි !

colombotoday

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday

“ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ‍අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා”

colombotoday

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday