Colombo Today Local News

මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි

tauheed 26ජලගැලීමෙන් අපාදාවට ලක්ව කොටු වී සිටින කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් සහන සේවා ක්‍රියාත්මක කර තිබුණු අතර තව්හීද් ජමාත් නම් වූ ඉස්ලාමීය ආගමික සංවිධානයද බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර තිබිණි.

සහන සේවාවල නිරත වූ සියළු කණ්ඩායම් ජාති ආගම් සියළු බේදයන් පසෙකලා එකසේ අපාදාවල පත්වූවන් ගලවා ගැනීමට සහ සහනාධාර සැපයීමට කටයුතු කළත් ඉහත ඉස්ලාමීය සංවිධානය මුස්ලිම් ජාතිකයන් පමණක් තොරාබේරාගෙන සිය ආපදා බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට කටුයුතු කර තිබිණි.

මේ පිළිබදව සෙසු සහන කණ්ඩායම් සහ සහන සේවාවලට උරදී කටයුතු කළ මාධ්‍ය ආයනවල නියෝජිතයන්ද සදහන් කර තිබුණු අතර ඔවුන්ගේ ජාතිවාදි ක්‍රියාකාළාපය නිසා පොලීසිය සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කළ ගලවාගැනීමේ මෙහෙයුම් කලමනාකරණයටද බාධා එල්ලවී තිබිණි.

මේ හේතුවෙන් ‘වැඩේ හරියට කරන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න.. අපිම කරගන්නම්‘ යැයි නාවික හමුදා නිලධාරීන් විසින් තව්හීද් ජමාත් සංවිධනයේ කණ්ඩායමට පවසා ඇත.

මේ අතර ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සහන සේවාවල යෙදී සිටි අදාල සංවිධානයේ ආපදා බෝට්ටු කණ්ඩායම ගංවතුරට කොටුව සහය ඉල්ලා සිටි සිංහල පවුල් කිහිපයක් පෙනි පෙනී ඔවුන් අතරමග දමා පැමිණ ඇති අතර පසුව පොලිසිය මැදිහත්වී එම පිරිස බේරාගැනීමට කටයුතු කර ඇත.

මෙවැනි සිදුවීම් පිළිබදව දිගින් දිගටම පැමිණිළි ලැබීම හේතුවෙන් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් මෙහෙයවූ සහන කණ්ඩායම තව්හිද් ජමාත් සංවිධානයේ බොට්ටු සිය භාරයට ගෙන ඇති අතර පසුව පොලිසියේ අධීක්ෂණය යටතේ සහන සේවාවල යෙදවීමට කටයුතු කර ඇත.

Related posts

ජනපති සමග ලන්ඩන් ගිය දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

පුරප්පාඩු දහස් ගණනක්! උපාධිධාරීන් තවමත් මහමග

colombotoday