Colombo Today Local News

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

මහජනතාව දී ඇති තීරණය අනුව අප විසින් කරන ලද කාර්යයන්හි වැරදි නිවැරදි කර ගනිමින්, අඩුපාඩු සකස් කර ගනිමින් ප්‍රමාද දෝෂයන් නිවැරදි කර ගනිමින් අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සේම රාජ්‍ය ප්‍රතිපත්තියේ හා ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්වල අවශ්‍යතා පෙන්නුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඒ බව පැවසූවේ ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවූ අවස්ථාවේදීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයත් සමඟ ජනතාවගෙන් ලැබී තිබෙන පණිවුඩය අනුව අපි රජයේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ, වෙනස්කම්, ගතයුතු නව අදහස් හා යෝජනා සමඟ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඔබ අප කවුරුත් පිළිගන්නවා.

රටේ මහජනතාව විසින් දී ඇති තීරණය අනුව අප විසින් කරන ලද කාර්යයන්හි වැරදි නිවැරදි කර ගනිමින්, අඩුපාඩු සකස් කර ගනිමින් ප්‍රමාද දෝෂයන් නිවැරදි කර ගනිමින් අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ වගේම රාජ්‍ය ප්‍රතිපත්තියේ හා ක්‍රීයාකාරීත්වයේ වෙනස්කම්වල අවශ්‍යතා පෙන්නුම් කරනවා. මැතිවරණයක ඇතිවන ප්‍රතිඵල මත අපේ රටේ පමණක් නොව වෙනත් රටවලත් ඒ රජයන විසින් යම් යම් තීන්දු තීරණ ගන්නවා.

මේ ප්‍රතිඵලය මුල් කර ගනිමින් මෙය අධ්‍යයන කරමින් ජයග්‍රහණය සඳහා වන රජයේ වැඩපිළිවෙළ ජනතාව තුළ ආකර්ෂණය කරවීමේ අවශ්‍යතාව මෙහි දී පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව අපි ජනාධිපති කාර්යාලය, අග්‍රමාත්‍ය කාර්යාලය, අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, ආයතන ආදියේ වෙනස්කම්, නව ව්‍යාපෘති මඟින් කරන ලද කාර්යයන් වඩා විධිමත් කිරීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා.

අපි රට වෙනුවෙන් කළ යුතු කැපවීම කළ යුතුයි. අපේ දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රමුඛත්වය රට සහ ජනතාවයි. රටේ සහ ජනතාවගේ යහපත සඳහා අප විසින් ගන්නා වූ ක්‍රියාමාර්ග කඩිනමින් කාර්යක්ෂමව ඉටු කිරීමේ කාර්යය ඔබ අප සෑම කෙනෙක්ම පිළිගන්නවා. මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ කරුණු මොනවාදැයි සොයා එය නිවැරදි කර ගැනීම අවශ්‍යයි.

අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අග්‍රාමාත්‍යතුමාගේ පාර්ශ්වයේ කටයුතු පමණයි සිදු කෙරෙන්නේ. ඉදිරි සති දෙකක් ඇතුළත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින පාර්ශ්වයේ සංශෝධන ස්ථීර වශයෙන් ඉටුකරනු ලබනවා. ඒ වගේම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට අවශ්‍ය වෙනස්කම් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ නිවැරදි මගපෙන්වීම් වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණත් ගන්න බලාපොරොත්තු වෙනවා. මම පසුගිය සතියේ අමාත්‍යාංශ ලේකම්වරුන් කැදෙව්වා. එහි දී තම ආයතනයේ සියලූ දෙනා සමඟ ඒ කටයුතු කාර්යක්ෂමව කරන ලෙසට මා උපදෙස් දුන්නා.

මම ඔබෙනුත් ඉල්ලා සිටිනවා ඔබ නියෝජනය කරන අමාත්‍යාංශ, ආයතනවල ඉතාම ඉක්මනින් ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වලා වාර්ෂික මුදල් ප්‍රතිපාදනවලින් කළ යුතු මහජන සේවා කාර්යක්ෂම කිරීම කරන්න කියලා. ඔබ නියෝජනය කරන සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස් කර මේ මාසය තුළ ඒ කටයුතු කඩිනම් කරන්න. එවිට තමයි ඒ ආයතනවල ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. ඒ මඟින් ඉලක්ක සහගත වැඩසටහන් සම්පූර්ණ කළ හැකියි.

Related posts

තිලිණි ප්‍රියමාලි ළඟ ඥානසාර හිමියෝ මුදල් ආයෝජනය කලා ද ? ඇත්ත හෙළිවෙයි

colombotoday

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

මහබැංකු අධිපති බැදුම්කර කොමිසමට සාක්ෂි දෙයි.. හෙටත් කැදවයි

colombotoday

ජවිපෙ ෆේස්බුක් පිටුව හරියටම හදුනාගන්නේ මෙහෙයි.. ටිල්වින්ගෙන් ටියුෂන් ! (Video)

colombotoday