Colombo Today Local Newsfeatured

තිලිණි ප්‍රියමාලි ළඟ ඥානසාර හිමියෝ මුදල් ආයෝජනය කලා ද ? ඇත්ත හෙළිවෙයි

බොදු බල සේනා සංවිධානය විසින් නිකුත්කළ විශේෂ මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි…

මාධ්‍ය නිවේදනයයි…
11/10/2022

අන්තර්ජාල මාධ්‍ය තුල පැතිර යන අසත්‍ය චෝදනා සම්බන්ධයෙනි.

මූල්‍ය වංචා සිදුකිරීම පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවක සන්තකයේ බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් මුදල් ආයෝජන සිදුකර ඇති බවට සමාජ මධ්‍යය ඔස්සේ එල්ලවන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර සිටිමු.

එවැනි ආකාරයේ කිසිදු ආයෝජනයක් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් තිලිණි ප්‍රියමාලි හෝ එවැනි වෙනත් පුද්ගලයන් සන්තකයේ හෝ වෙනත් ආයතන සන්තකයේ සිදු කර නොමැති බව ද අවධාරණය කර සිටිමු.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විවිධ පාර්ශව සමග අදාළ කාන්තාව සිටින ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ පලවෙමින් පවතියි. එම ඡායාරුප අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග සිටින ජායාරූපයක් ද සමාජ මාධ්‍ය තුල සංසරණය වන අතර විවිධ පුද්ගලයන් එයට විවිධ අදහස් එක් කර තිබුණි.

මීට වසර කිහිපයකට පෙර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දේපල වෙලදාම් සහ සිනමාවට අදාල ව්‍යාපාරයක් වෙනුවෙන් කාර්යාලයක් ආරම්භ කරන බවත්, ඒ අවස්ථාවට වැඩමකොට සෙත්පිරිත් දේශනාවක් පවත්වන ලෙස ත් ඉසුරු බණඩාර මහතා විසින් කරන ලද ආරාධනාවකට අනුව ඥානසාර හිමියෝ ඊට සහබාගී විය. එම පිරිත අවසානයේ දී ගන්නා ලද ඡායාරුප කිහිපයක් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ද මුදල් වංචාවට හසුවුවා වැනි අරුතක් එක්කිරීමට උත්සාහ දැරීම කෙතරම් යුක්ති සහගතද……? උන්වහන්සේ සමාජයේ නොයෙක් ක්‍රියාකාරකම් කරන අවස්ථාවලදී කෙතරම් ප්‍රමාණයක් ඡායාරුප ගෙන ඇතිද…?

අදාළ අවස්ථාවට පසුව, පසුගිය කාලයේ කොව්ඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටි පවුල් දෙතුන් දහසකට වියලි ආහාර බෙදා දීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ගෙනගිය වැඩසටහනකට ද ඉසුරු සහ තිලිණි දෙපල දායකත්වය ලබාදුන් අතර කැලණිය රජමහා විහාරයේ දි පින්කමක් සිදුකර, ඉතා අඩු පහසුකම් සහිත පිරිවෙන් 10 කටත් මෙහෙණි ආරාම 10 කටත් අවශ්‍ය උපකරණ, පොත්පත් යනාදිය බෙදාදීම ට ද දායකත්වය ලබාදුනි.

භික්ෂුන් වහන්සේ නමක් ලෙස ආගමික කටයුතු සඳහාත්, සමාජ සුභසාධන කටයුතු සඳහාත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විවිධ මිනිසුන් මුන ගැසෙති. ඒ අයගේ වත්කම් හා ව්‍යාපාරික කටයුතු පිළිබඳව උවහන්සේ සමග සාකච්ඡා කරන්නේ නැත. භික්ෂුන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේට යම් ආගමික කටයුත්තක් ඉටුකරදෙන ලෙස ආරාධනා කලහොත් හෝ පොදු කටයුතුවලදී දායකත්වය දක්වන්නේ නම් ඒ වෙනුවෙන් පමණක් උන්වහන්සේ කටයුතු කරති. එසේ නොමැතිව විහාරස්ථානයට පැමිණෙන කිසිදු දායකයෙකු සමග ව්‍යාපාරික කටයුතුවල නිරතවීමක් උන්වහන්සේ සිදුකරන්නේ නැත.

අදාළ චෝදනාවට ලක්ව සිටින සමාගම් සමග කිසිදු මූල්‍ය කටයුත්තකට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සම්බන්ධ වී නොමැති බව තවදුරටත් අවධාරණය කර සිටින අතර මේ පිළිබඳව සිදුකෙරෙන ඕනෑම පරීක්ෂණයකට සහයෝගයක් අවශ්‍යයනම් ඒ සඳහා ඕනෑම මොහොතක සහයෝගය දැක්වීමට උන්වහන්සේ සුදානමින් සිටිති.

බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday

ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයට රුධිර බහාලුම් බෑග් පරිත්‍යාගයක්

colombotoday

බැංකු හරහා ඩොලර් එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක්

colombotoday

ආණ්ඩුවේ බහුතරය නැති කරනවා. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන්නෑ.

colombotoday

ගෝඨාභයට පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සීතා සූදානම්

colombotoday

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday