BusinessTop Stories

ශ්‍රී ලාංකිකයකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි

වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගනකාධිපතිවරයා විසින් නිකුත් කරකු ලැබ ඇති මහජන ණය කළමණාකරන වාර්තාවේ දැක්වේ.

එය 2015 වසරේ ඒක පුද්ගල ණය බර වූ රුපියල් 373,462ක අගයට වඩා රුපියල් 44,451ක ඉහළ යාමක් වන අතර, එය ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් 12% ක වැඩිවීමකි.

2005 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බර පැවැතියේ රුපියල් 108,908ක මට්ටමේ වූ අතර, වර්තමානය හා සැසදීමේ දී එය ඉතා සීඝ‍්‍ර ලෙස ඉහළගොස් තිබෙනු හඳුනාගත හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන විගනකාධිපතිවරයාට අනුව රුපියලේ අගය අවප‍්‍රමාණය වීම සහ රටේ මුළු ණය බරට එකතු කර තිබෙන විදෙස් ණය ප‍්‍රමාණය (40 % ඉක්මවන) හා දිගින් දිගටම සිදුවන එහි වර්ධනය වැනි හේතු සැළකිල්ලට ගැනීමේ දී ඒක පුද්ගල ණය බර තවදුරටත් ඉහළයාමට ද ඉඩ තිබේ.

රටේ ණය කළමණාකරණයේ තත්ත්වය අරබයා ඉතා අඳුරු චිත‍්‍රයක් මවා තිබෙන විගනකාධිපතිවරයාගේ වාර්තාවෙන්, මුල්‍ය කාර්යසාධනය හා ඒ සම්බන්ධ වාර්තා සකස් කිරීම සදහා වැදගත් වන නීති, රෙගුලාසි, සහ පිළිවෙත් නොසළකා හැර තිබෙන බවද, නිවැරදි හා විශ්වාසය තැබිය හැකි තොරතුරු වාර්තාකරණය සදහා ක‍්‍රමවේදයක් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවද, පෙන්වා දී තිබේ.

විගණනය සදහා බාරදුන් වාර්තාවලට අනුව දේශීය සහ විදේශීය ණය ලෙස රජයේ මුළු බැරකම්වල වටිනාකම 2016 දෙසැම්බර් මස 31 වන විට රුපියල් ට්‍රිලියන 8.9 ක් වීමේ දී, මුළු වත්කම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.1 ක් පමණක් වූ බව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වේ.

ආයෝජන කටයුතුවල ඇස්තමෙන්තු සැළකිල්ලට ගනිමින් ලබාගත් මුළු ණය ප‍්‍රමාණය ප‍්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට අපොහොසත් වීම සහ එම ආයෝජනවලින් උපයාගත් වත්කම් නිවැරදිව හදුනාගැනීමට සහ ඒවායේ වටිනාකම් ගිණුම් කිරීමට අපොහොසත් වීම මෙවන් තත්ත්වයක් උද්ගත වීමට ප‍්‍රධාන හේතු ලෙස එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

‘‘රට මත පැටවී තිබෙන ණය බර ඉතාම සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇතත්, එම ණය යොදාගෙන උපයාගත් වත්කම් නිවැරදිව හඳුනාගැනීමක් හෝ ඒවායේ වටිනාකම් හඳුනාගැනීමක් හෝ සිදුව නොමැත,‘‘ යැයි වාර්තාවේ සදහන්ය.

මුල්‍ය කළමණාකරන වගකීම් පණතට අනුව රජයේ මුළු බැරකම් ප‍්‍රමාණය දළ දේශීය නිශ්පාදිතයේ වටිනාකමින් සියයට 80 නොඉක්මවිය යුතුය.

නමුත් මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2016 වසර සදහා වන මුල්‍ය ප‍්‍රකාශයන් අනුව, එම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විට රජයේ මුළු බැරකම්වල වටිනාකම රුපියල් බිලියන 9865කි.එය පණතින් අවසර දී ඇති උපරිම ප‍්‍රමාණයට වඩා ඉහළ අගයක් බව විගනකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

Related posts

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ

colombotoday

“රේස් බයි රේස්” තහනම් කරන යෝජනාව සම්මතයි. සුමතිපාල සහ බාලසුරිය පවුලට අයත් ව්‍යාපාර කපෝතියි.

colombotoday

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

colombotoday