Business

“රේස් බයි රේස්” තහනම් කරන යෝජනාව සම්මතයි. සුමතිපාල සහ බාලසුරිය පවුලට අයත් ව්‍යාපාර කපෝතියි.

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් විය.

නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර ඇත්තේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප‍්‍රනාන්දු මහතා විසිනි.

මෙම යෝජනාවට විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවිය.

“රේස් බයි රේස්” තහනම් කරන ලෙස භික්ෂුන් වහන්සේලා සහ ජනතාව දිගින් දිගටම ඉල්ලීම් සිදුකරනු ලබන අතර පොලිස් මුලස්ථානයට පැමිණිලි රැසක් ද ලැබී ඇති බව වාර්තා වෙයි.

“රේස් බයි රේස්” පවත්වාගෙන යන ප්‍රධාන ආයතන තුන වන්නේ sporting times, sporting star, leisure sports වේ. මෙම ව්‍යාපාරයන්හි හිමිකරුවන් වන්නේ සුමතිපාල පවුල සහ බාලසුරිය පවුලයි.

Related posts

ඩොලරය පිමිබෙද්දී රත්තරන් ගණන් උස්සයි

Admin

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් පියවීමට අවශ්‍ය විදෙස් විනිමය වෙන්කරයි

colombotoday

ප්‍රීමා සමාගම හොරාට තිරිඟු පිටි මිල වැඩි කරලා

colombotoday

රටෙන් මුදල් පිටකිරීම තුන් මසකට තහනම්

colombotoday

GSP නැවතත් ලැබෙයිද?

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin