Colombo Today Local News

එජාප ආණ්ඩු හදන්න යන ශ්‍රීලනිප අයට ඇමතිකම් නෑ.. පක්ෂ සාමාජිකත්වයත් අහෝසියි – ජනපති දැඩි තීන්දුවක

කවුරුන් හෝ වෙනත් අය සමඟ ආණ්ඩු හදන්න කටයුතු කළහොත් ඒ අයට ඇමැති තනතුරු දෙන්න තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයකු පැවසිය.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ශ්‍රීලනිප ඇමැතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එබව සඳහන් කර තිබේ.

”රනිල් එක්ක තවදුරටත් ආණ්ඩු නොකරන්න සන්ධානය පැහැදිලි තීරණයක් ගෙන තියනවා. රනිල් අගමැතිව කරන ආණ්ඩුවකට අපේ පක්ෂයේ කව්රුහරි එකතු වුනොත් ඒ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා මන්ත්‍රී ධුරය අහෝසි කරන්න ජනාධිපතිතුමා තීරණය කර තියනවා…” යයි ද එම ඇමතිවරයා කියා සිටියේය.

මේ අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ රැදී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම සිය පක්ෂයට එකඟවිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගෙන නව රජයක් පිහිටුවිය යුතුයැයි අපේක්ෂාකරන බව පවසන ඔහු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

srilankamirror

Related posts

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

colombotoday

පාස්කු කොමිසම නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ නායකත්වය හා පක්ෂය විනාශ කිරිමේ අරමුණින් – ශ්‍රීලනිපයෙන් චෝදනා

colombotoday

දෙමළ-මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට !

colombotoday

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

අක්. 30 ක් එපා. අක්. 72ම දෙන්න. මට බෞද්ධ ජනාධිපති විශ්වාසයි – මුහුදු මහා විහාරයේ නායක හිමි

colombotoday