Colombo Today Local News

මහින්දට සුබ පතන්න මහ සෙනග වැළ නොකැඩී එයි.. වැද වැටෙති.. අත සිඹිති.. සෙල්ෆි ගන්න පොරකති

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගැනීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැහැදැක සුභ පැතීම සදහා අති විශාල ජනතාවක් කොළඹ විජේරාම මාවතේ ඒ මහතාගෙ නිල නිවසට ඇදී එමින් සිටින බව වාර්තා වේ.

ඈත ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙන්ම ප්‍රාදේශීය දේශපාලකයන්, කලාකරුවන්, සහ විවිධ වෘත්තිකයන්ද ඒ අතර වෙති.

පැය ගණන් දිගු පෝලිම්වල සිටිමින් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසෙමින් එම ජනතාව දෑත් එක්කකොට ඔහුට සුබ පැතීම, අත් ඇල්ලීම මෙන්ම ඡායාරූප ගැනීමටද මහත් උනන්දුවක් දක්වති.

කෙතරම් රාජකාරි පැවතියද ජනතාව සමග ගැවසෙමින් කතාබහේ යෙදෙමින් ඒ වෙනුවෙන් කාලය වැය කිරීමට ප්‍රිය රාජපක්ෂ මහතා, එන සියළු දෙනාටම තේ පැන් මෙන්ම ආහාරද සූදානම් කර දෙන ලෙසත් සිය කාර්යමණ්ඩලයට උපදෙස් දී ඇති බවද පැවසෙයි.

2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුද මැදමුලනට සහ කාල්ටන් නිවසට අතිවිශාල ජනකායක් දින ගණනාවක් තිස්සේ ඒ මහතාගේ සුව දුක් විමසීමට පැමිණියහ.

Related posts

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday

මළ සිරුරු 30කට, තුවාලකරුවන් 80කට වැඩි පිරිසක් ජාතික රෝහලට…

colombotoday

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

colombotoday

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday