Colombo Today Local News

දේශපාලනඥයන්ගේ බලපෑමට නීතිය නමන්න එපා. පොලිස්‌පති ස්‌ථානාධිපතිවරුන්ට උපදෙස්‌ දෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින මැතිවරණ නීති උල්ලංඝනය කරන, ප්‍රචණ්‌ඩකාරීව හැසිරෙන ඕනෑම පුද්ගලයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා සියලුම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.

පළාත් පාලන ආයතන මැතිවරණය ඉතාම සාමකාමී සාධාරණ අයුරින් පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නොපැකිලිව ගන්නා ලෙසත්, දේශපාලනඥයන්ගේ බලපෑම් හමුවේ නම්‍යශීලී නොවී කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කිරීමට වගබලා ගත යුතු බවත් පොලිස්‌පතිවරයා පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට උපදෙස්‌ ලබා දී තිබේ.

මැතිවරණ දිනයේ පක්‍ෂග්‍රාහීව කටයුතු කරන පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් පිළිබඳව තොරතුරු වෙතොත් වහාම තමන් වෙත දන්වා සිටින ලෙස පොලිස්‌පතිවරයා ඉල්ලා සිටියි.

එවැනි නිලධාරීන් පිළිබඳ තොරතුරු සැලවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පූජිත් ජයසුන්දර මහතා කියා සිටියි.

Related posts

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

colombotoday

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

දේශපාලනයෙන් ඉවත් වන්නැයි රටවල් දෙකකින් මහින්දට බලපෑම්

colombotoday

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

colombotoday