Colombo Today Local News

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

රට තුළ ඉන්ධන හිගයක් ඇති වන බවට මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ද ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අද (21) පස්වරුවේ සිය බාරයට ගත්තේය.

වැලිසර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙසේ ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ ආනන්ද පාලිත මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව සතුව තවත් දින 11 කට පමණක් ඉන්ධන තොග ප්‍රමාණවත් බවත් ඒ අනුව ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවත් ආනන්ද පාලිත මහතා එම මාධ්‍ය හමුවේ පැවසූ අතර ඊට පසු දින ජනතාව ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දැඩි පෝලිම්වල දැකිය හැකි විය.

Related posts

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

colombotoday

කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම පිරිසක් නිරෝධායනයට

colombotoday

විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයින් 430දෙනෙකුට කොරෝනා

colombotoday

සහල් නැවකට සල්ලි බදී

Admin

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday