Colombo Today Local News

කල්ලාරු ඇතාගේ අස්ථි කොටස් මවුලවි සතුව තිබූ දළ සමඟ 100%ක් සැසඳෙනවා – පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වෙයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් තන්තිරිමලය සීමාවේදී වෙඩි තබා මරා දැමූ බවට සැක කරන කල්ලාරු ඇතාගේ අස්ථි කොටස් හා අත්අඩංගුවට ගත් ඇත් දළ එකිනෙක සසදා බැලීමේදී එම කොටස් සියයට සියයක් සැසඳෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී සංරක්ෂණ සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා විසින් ඊයේ් (06දා) අනුරාධපුර අධිකරණ භූමියේදී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කළේය.

ඉකුත් 26 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම අස්ථි කොටස් පශු වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණය

පැවැත්විය යුතු බවයි. ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (06දා) දිනයේ එම පරීක්ෂණය අධිකරණ භූමියේදී පවත්වන ලෙස පසුගිය 26 වැනිදා නියෝග කළේය.

ඒ අනුව වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා අධිකරණ භූමියේදී පරීක්ෂණයක් පැවැත්වූ අතර පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඇත් දළ යුගලය හා සොයාගත් හිස ඇතුළු අස්ථි කොටස් එකිකෙනට නිවැරැදිව සැසඳෙන බව නිගමනය කළේය. ඇතාගේ ඇත් දළ හිස් කබලට සවිකළ අතර එය නියමාකාරයෙන්ම ඊට සම්බන්ධ වන බවත් සොයාගත් අස්ථි කොටස්වල වෙඩි ප්‍රහාරයක කිසිදු සලකුණක් නොමැති බවත් ඒ මහතා පැවැසුවේය.

මෙම අවස්ථාවට අනුරාධපුර පණ්ඩුගම පිහිටි වනජීවී සංරක්ෂණ සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාද පැමිණ සිටි අතර සජීවීව සිටියදී කල්ලාරු ඇතාගේ දළ යුගලය පිහිටා තිබූ ආකාරය සම්බන්ධයෙන් මතකයක් තිබෙන බවත් එම දළ යුගලය වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සවිකළ ආකාරයට තිබුණු බවත් ඒ මහතා පැවැසුවේය. මෙම අස්ථි කොටස් කල්ලාරු ප්‍රදේශයේ සැරිසැරූ කල්ලාරු ඇතාගේම විය හැකි බවට නිගමනය කළහැකි බව ඒ මහතා කීවේය. පොලිසිය අත්අඩංගුවට ගත් දළ යුගලය සත්‍ය ඇත් දළ බවට තහවුරු කරමින් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මිකා මල්සිංහ මහත්මිය විසින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පසුගිය 27 වැනිදා ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.

නැවතත් පසුගිය ජනවාරි මස 26 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකාර මවුලවිවරයා ඇතුළු තිදෙනා පෙබරවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වැනිදා තන්තිරිමලය සීමාවේදී සැකකරුවන් තිදෙනකු විසින් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා ඇතුළු උපාය දූත පොලිස් නිලධාරීන් පිරිසකට ඇත් දළ යුගලය රුපියල් පනස් ලක්ෂයකට විකිණීමට යෑමේදී පොලිස් අත්අඩංගුවට පත්විය. කල්ලාරු නමින් හඳුන්වන ඇතාගේ බවට සැකකරන ශරීර කොටස් විශාල ප්‍රමාණයක් පසුගිය ජනවාරි මස 05 වැනිදා සිලාවතුර නාඩ්ඩුකුට්ටු මොල්ලිකුලම් ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සොයා ගත්තේය. වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතුළු පිරිස ඊයේ (06දා) අස්ථි කොටස් සොයාගත් ස්ථානය නිරීක්ෂණය සඳහා ගියේය.

අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් එල්.පී.එන්.සී. සෝ්මතිලක (12531), පොලිස් කොස්තාපල් ප්‍රේමජයන්ත (47799), අඩවි ආරක්ෂක එච්.ආර්.ඩී.එස්. සේනානායක යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වූහ.

Related posts

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

colombotoday

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක්‌ ආක්‍රමණය කරලා

colombotoday