Colombo Today Local News

ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම මැතිවරණ රංගනයක්…

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම, මැතිවරණ ඉලක්‌ක කරගෙන සිදුකරන රංගනයක්‌ යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බැඳුම්කර සිද්ධිය මීට වසර තුනකට (2015) පෙර සිදුවූවක්‌ බවත් එම වකවානුවේ නීතිය ක්‍රියාත්මක නොකර මැතිවරණ සමයේ මෙය ක්‍රියාවට නැංවීම රංගනයක්‌ බව ජනතාව ද තේරුම් ගත යුතු බවත් ඒ මහතා කීය.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත්වී ඇති බවයි.

අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

Related posts

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday

“දම්වැලේ කොහෙන් බැන්දත් එකයි.” මහ නා හිමිවරු ගැන ඥානසාර හිමිගෙන් අමුතු කතාවක්

colombotoday

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

colombotoday

‘අනාගමික රාජ්‍ය’ නිර්දේශ ලීක් වෙයි.. ආණ්ඩුව රත්වෙයි.. අගමැති පරළ වෙයි

colombotoday

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

colombotoday