Colombo Today Local News

‘අනාගමික රාජ්‍ය’ නිර්දේශ ලීක් වෙයි.. ආණ්ඩුව රත්වෙයි.. අගමැති පරළ වෙයි

lal-wijenayake-report

නව ව්‍යවස්ථාවක් සැකසීම මහජන අදහස් විමසීමේ කමිටුව විසින් රජයට ඉදිරිපත්කළ නිර්දේශ වාර්තාවේ ඇතුළත් ‘බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම, ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීම’ ඇතුළත් නිර්දේශ සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇතිව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්ව සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. පසුගිය දිනක ජනපතිවරයාත් සහභාගී වූ රැස්වීමකදී පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්’ බවට පත් කළ යුතුයැයි දැක්වෙන ව්‍යවස්ථා නිර්දේශ සම්බන්ධයෙන් විරෝධය දැක්වූ අතර එම ප්‍රකාශය මාධ්‍ය මගින්ද ප්‍රචාරය වීමත් සමග පාර්ශව ගණනාවක අවධානය මේ සදහා යොමුවි ඇති අතර එම යෝජනා සහ ඊට එරෙහිව නැගෙන විරෝධතා ආණ්ඩුවට මරු පහරක් වනු ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

ව්‍යවස්ථා නිර්දේශයේ සදහන් මෙම යෝජනා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් උරණවී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අගමැති කාර්යාලයේ සිය නිලධාරීන්ට දැඩි ලෙස බැණවැදී ඇති අතර ඒ සම්බන්ධයෙන් පළවන මත යටපත් කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන ලෙසද දන්වා ඇත. ඒ අනුව අගමැති කාර්යාල විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා නිර්දේශ සම්බන්ධයෙන් පලවන වාර්තා නිවැරදි නොවන බවයි.නව ව්‍යවස්ථාවක් සදහා මහජන අදහස් පමණක් විමසා ඇති බවත්, ඒම අදහස් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා පත් කර ඇති පාර්ලිමේන්තු අනුකමිටුවට ඉදිරිපත් කරන බවත් සුදුසු යෝජනා ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවත් එමගින් පවසා ඇත.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් සදහා මහජන අදහස් විමසීමට රජය විසින් පත්කරන ලද ලාල් විජේනායක කමිටුව මහජන අදහස් නමින් ඉදිරිපත් කර තිබෙන්නේ මහජන අදහස් නොව බෞද්ධ විරෝධි රාජ්‍ය නොවන සංවිධානවල යෝජනා බවට මේ වන විට චෝදනා එල්වී ඇති අතර ව්‍යවස්ථා නිර්දේශ මතුපිටින් කියවීමෙන්ම පමණක් ඒබව මානව පැහැදිළි වේ. මෙරට සමස්ථ ජනතවගේ අදහස් නියෝජනයවන පරිදි එම නිර්දේශ සැකසුවේනම්, ජනගහනයෙන් 70% ක බහුතර බෞද්ධ ජනතාව ‘බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට, මේ රට අනාගමික රාජ්‍යයක් කිරීමට, සමලිංගිකත්වය නීතිගත කිරීමට’ යෝජනා කරේ කෙසේදැයි රජය පැහැදිළි කළ යුතුය. මේ අතර ඊයේ රාත්‍රියේ ජාතික රූපවාහිනි ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක රට නොමග යැවීමේ උත්සාහයක නිරතවූ අතර ඔහු සදහන් කළේ තම කමිටුව සකස්කළ වාර්තාවේ ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් ‘ බවට පත්කළ යුතුයැයි නිර්දේශ කර නොමැති බවයි.

2cc
ලංකාව අනාගමික රාජ්‍යයක් කළ යුතු බවට සහ බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කර ‘සියළු ආගම්වලට සම තත්ත්වය ලබා දීම සදහා’ මහජන අදහස් විමසීමේ ‘ලාල් විජේනායක’ කමිටුව නව ව්‍යවස්ථාවට කර ඇති නිර්දේශ

 

නව ව්‍යවස්ථාව සැකසීම සදහා ඇමරිකානු මැදිහත් වීම. ඇමරිකානු USAID ආයනය නව ව්‍යවස්තාව සැකසීම සම්බන්ධයෙන් කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයක්

ආගම සමිබන්ධ කටයුතු සදහා රජය මැදිහත් නොවන, ඒ සදහා සහය නොදෙනරාජ්‍ය අනාගමික රාජ්‍ය ලෙස සරලව හැදින්විය හැකිය. එනමුත් ලෝකයේ කොයි රටකවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබේ. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කළ යුතුය යන අදහස කලක පටන් මෙරට රෝපණය කරමින් සිටින රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් සැපයෙන බ්‍රිතාන්‍ය, ඇමරිකාව, නොර්වේ ඇතුළු බටහිර සියලු රටවල් එහි ව්‍යවස්ථාවෙන්ම පිළිගත් ප්‍රධාන ආගමික සංස්ථාවකට යටත්ව ක්‍රියාත්මක වෙයි.

ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම ලෙස නෝර්වේ ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති අතර එහි රජු අනිවාර්යෙන්ම ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි භක්තිකයෙකු විය යුතු අතර ඔහු ආගම ආරක්ෂා කිරීමට බැදී සිටී. සිය පරම්පරා ආගම වෙනස් කිරීමට එරට වැසියන්ට නීතියෙන් අවසර නැත. බ්‍රිතාන්‍යයේ රැජින එරට පලිල්යේ ඉහළම බලධාරිනියයි. ක්‍රිස්තියානි ආගම ආරක්ෂා කිරීමට ඇය එරට සම්ප්‍රධායෙන් මෙන්ම නීතියෙන්ද බැදී ඇත. ඇගමැති ඩේවිඩ් කැමරන් පසුගිය නත්තල් පණිවිඩය නිකුත් කරමින් බ්‍රිතාන්‍ය වනාහි ක්‍රිස්තියානි රාජ්‍යයක් බවත් එහි වෙසෙන සියළු ජනවර්ග ක්‍රිස්තියානි සභ්‍යත්වයට යටත්ව ජීවත් විය යුතු බවත් ප්‍රකාශ කර තිබිණි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා දිවුරුම් දිය යුත්තේ බයිබලය මත අත තබමිනි. එම රටවල සියලු ආගමිකයන්ගේ නිදහස ආරක්ෂා වී ඇත්තේ ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙන පවතින නිසා යැයි ඔවුන් විශ්වාස කරති. අප රට අනාගමික කිරීමට අර අදින බටහිර රටවල් අනාගමික බලපෑමෙන් මිදී නොමැති බවට මේ අනුව තහවුරු වේ. ඉස්ලාමීය රටවල රාජ්‍ය හා ආගම දෙකක් නොව එකකි.

එ‍සේ තිබියදී අවුරුදු දෙදහසකට වැඩි කලක් අඛණ්ඩව බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පවත්වාගෙන ආ, බුදු දහම සෙවණේ සියළු ආගමිකයන්ට තම ආගමික පරිසරය ගොඩනගා ගැනීමේ නිදහස ඕනවට වඩා හිමිවූ මෙරට, අනාගමික රාජ්‍යයක් කිරීමට බටහිර රාජ්‍යයන් අර අදින්නේ කෝටි ගණන් අරමුදල් යොදවමින් සිය රූකඩ ගැත්තන් ලවා රාජ්‍යයේ රැකවරණය අහිමි කර බුද්ධාගම දියකර හැරීමේ අරමුණින් බව පැහැදිළිය. ඒ හරහා ක්‍රමාණුකූලව තම ආගමිකභාවය මෙරටට ආරෝපණය කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වේ.

Related posts

මාර්ග අවහිර කිරීමෙන් බස් රථ රියදුරන්ටත් සේවයට යන්න බැරි වෙයි… අදත් බස් ධාවනයේ අඩුවක්

colombotoday

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

colombotoday

බදුර්දීන්, පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය ගැන තවත් සාක්‍ෂි සොයා ගැනේ !

colombotoday

ගාල්ල මකුළුලුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ 6ක් රෝහලට

colombotoday

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ හට තානාපති තනතුරක්…

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday