Colombo Today Local News

ජීවිත අවදානම තවමත් එළෙසමයි.. හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා

gotabhaya rajapaksha 2

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ මරණීය තර්ජන අදටත් විවිධාකාරයෙන් සිය ජීවිතයට බලපා ඇති නිසා තමාට ලබා දී ඇති යුද හමුදා ආරක්‍ෂාව ඉවත් නොකරන ලෙසට තමා ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (27) කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී පැවැසීය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යම් මෙහෙවරක්‌ කළ තමාගේ ආරක්‍ෂාවට යොදවා සිටින හමුදා ආරක්‍ෂාව ඉවත් කර පොලිසිය යොදවන බවට ලද තොරතුරු අනුව තමා එම ඉල්ලීම කළ බවද එහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේවනතෙක්‌ම තමාට හමුදා ආරක්‍ෂාව ලබාදී ඇතැයිද එහිදී සිහිපත් කළේය.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයකු ලෙසින් කටයුතු කිරීමට නිසි ආරාධනාවක්‌ ලැබී තිබේ දැයි එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ‘නැහැ තවම නෑ. ඒක කවුරුහරි කරපු ප්‍රකාශයක්‌ විතරයි. මම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මිසක්‌ දේශපාලනඥයකු නොවේ’ යෑයි ද පැවැසීය.

Related posts

පානදුර කාන්තා බූරු පිටියක් වටලයි. | පොලීසියෙන් මිදී පැනයාමටත් උත්සාහ කරලා

colombotoday

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

සතියක් රට වසන්නැයි අස්ගිරි – මල්වතු මහානාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

colombotoday

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday