Colombo Today Local News

ප්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි

හැකිනම් සිය ප්‍රජා අයිතිය අහෝසි කරන බලන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ලුණුගම්වෙහෙර ඊයේ (28දා) සවස පැවැති ජනහමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ජනාධිපතිවරයා මගේ මිත්‍රයා. එයා දැන් මොනවද කියන්නේ. මේ අවුරුදු තුනට එයාගේ කැබිනට් මණ්ඩලයේ අය කෝටි ගණන් වියදම් කළාලු. අපිට හොරු කිව්වා අරක කිව්වා මේක කිව්වා. අන්තිමට නඩු දාන්නේ මොකටද? මම අයි.ටී.එන්. එකට සල්ලි ගෙව්වේ නැතිලු.

මම මගේ දැන්වීම් දාන්න කියලා කොයි වෙලාවකවත් කියලා නෑ. මම කිව්වා නඩු දාන්න කියලා. දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මගේ ප්‍රජා අයිතිය නැති කරනවා කියලා. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිකරලා මොකද වුණේ. අපේ නැතිකරලා බලනවකෝ. අපි නිදාගෙන සිටියිද කියලා” යැයිද පවසා සිටියේය.

Related posts

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

colombotoday

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

colombotoday

සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Admin