Colombo Today Local News

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබා තර්ජනය කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු විත්තිකරුවන් 08 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු විත්තිකරුවන් 07 දෙනා මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබූ අතර ඉන් 05 දෙනකු වන්දි හා දඩ මුදල් ගෙවා අවසන් කර ඇති බවත් සෙසු විත්තිකරුවන් දෙදෙනාට වන්දි මුදල් ගෙවීම සඳහා කල් ලබා දෙන ලෙසත් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවා අවසන් වූ විත්තිකරුවන් 05 දෙනා මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් දෙදෙනාට වන්දි මුදල් ගෙවීම සඳහා මාර්තු මස 14 වැනිදා තෙක් කල් ලබා දුන්නේය.

අනතුරුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති චෝදනා විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Related posts

උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමු

colombotoday

“ග්ලයිෆොසෙට් අධිවිෂ රසායනයක් බව තහවුරුකර තිබියදී විද්වත් කමිටු පත් කිරීම විහිළුවක්” – මහාචාර්ය චන්න ජයසුමන

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

යසෝදරාවට පැන්න මහානාම සිසුවා 31 දක්වා රිමාන්ඩ්

colombotoday