Colombo Today Local News

යාචකයකු තියුණු ආයුධයකින් ඇන වෙළෙඳ සැලෙට ආ පුද්ගලයෙක් ඝාතනය කරයි

බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට දී එහි සිටි යාචකයකු තියුණු ආයුධයකින් ඇනීම නිසා පුද්ගලයකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ඊයේ (26)දින රාත්‍රියේ මෙම සුපිරි වෙළෙඳ සැලෙන් භාණ්ඩ මිලදී ගෙන වෙළෙඳ සැලෙන් පිටතට පැමිණි අවස්ථාවේදී එහි සිටි යාචකයා සමග බහින්බස් වීමක් සිදුව ඇති බව පොලීසිය කියයි.

එම බහින් බස් වීම දුරදිග ගොස් යාචකයා ඔහු සඟවා ගෙන සිටි තියුණු ආයුධයක් ගෙන එම පුද්ගලයාට ඇන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

පිහිඇනුමට ලක් ව සුපිරි වෙළඳසැල ඉදිරිපිට වැටී සිටි පුද්ගලයා කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලඹේ පොතුඅරාව ප්‍රදේශයේ පදිංචි (57) හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර යාචකයා සිද්ධියෙන් අනතුරුව පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් තලංගම පොලිසිය කියයි.

Related posts

අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

colombotoday

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday

මාරපන කෙලින් වැඩකරන අවංක මහත්මයෙක්, ඔහු හරියටම හරි – මංගල

colombotoday

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

colombotoday

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday