Colombo Today Local News

සාරාගේ DNA පරික්ෂාවට සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් ගොඩ ගනී

පුලස්තීනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සම්බන්ධ DNA පරික්ෂාවක් සඳහා සයින්දමරුදු පිපිරිමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් ගොඩ ගැනීම මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ අම්පාර මහේස්ත්‍රාත්වරිය ඇතුළු විමර්ශන නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.

2019 අප්‍රේල් 21 වැනිදා සහරාන් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පිරිසක් විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාරයට සමගාමීව සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් විසින් 2019 වසරේ අප්‍රේල් 26 වැනිදා අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී මරාගෙන මැරනෙ බෝම්බයක් පුපුරාවා ගෙන මිය ගියේ ය.

විමර්ශනවලදි හෙළිවුණේ එහිදි වැඩිහිටියන් සහ ළමුන් ඇතුළු 17 ක් මියගිය බවයි.

නමුත් එම ස්ථානයේ සිටි බවට සැක කරන කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමදු හස්තූන් යන අයගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් එහි ඇති බවට මීට පෙර දෙවතාවක් කළ DNA පරික්ෂණවලදී අනාවරණය නොවූ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

එබැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩ ගෙන පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් තීරණය කර ඇති අතර ඒ සඳහා අවසර දෙන්නැයි කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඒ අනුව බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් අම්පාර පොදු සුසාන භූමියේදී මේ වන විට ගොඩ ගැනීම ආරම්භ කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

colombotoday

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday

කටාරය සමග ඇමති රිෂාද් ගේ සෘජු සබදතා.. සිදුකල ව්‍යාපෘති හා ඇමතිගේ ගිණුම් වහා පරීක්ෂා කරනු !!

colombotoday