Colombo Today Local News

මාරපන කෙලින් වැඩකරන අවංක මහත්මයෙක්, ඔහු හරියටම හරි – මංගල

ඇවන්ගාඩ් සමාගමේ කිසිදු නීතිමය වරදක් සිදුවී නැතැයි කීම නිසා ඇති වූ විරෝධය මත නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ තිලක් මාරපන මහතා නිවැරදි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

“තිලක් මාරපන මහත්තයා අවංක කෙලින් වැඩ කරන කෙනෙක්. වසර 28 ට පසු ලංකාවේ ඉල්ලා අස්වූ එකම ඇමතිවරයා එතුමා. දූෂණ චෝදනා එල්වන වංචාකාරයෝ ඉල්ලා අස්වෙනවා තියා ඉවත්වෙන්න හිතන්නේවත් නැහැ. ඒ අය මේක බදාගෙන ඉන්නවා. නමුත් තිලක් මාරපන මහතා පරීක්ෂණ කටයුතුවලට පහසුවක් වීම සඳහා තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වුණේ පැහැදිලි නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින්. ඒ ආදර්ශය අනිත් අයත් පිළිගත යුතුයි. ඒ අනුව අපි සියලු දෙනා කටයුතු කිරීම අවශ්‍යයි.“

යැයිද ඊයේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මංගල සමරවීර මහතා පැවසීය.

Related posts

රටවල් 7ක සංචාරකයින්ට Free visa

Admin

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

colombotoday

සියල්ලට පෙර මන්ත්‍රීලාගේ ආරක්ෂාව තහවුරු කෙරේ… පාර්ලිමේන්තුවට මුඛ ආවරණ පන්දාහක් ඇනවුම් කරයි

colombotoday

“ලෝක හොරු අල්ලන්න FCID ඕනමයි.. වහන්නෙත් නැ, වහන්න දෙන්නෙත් නෑ” – නි.ඇමති අජිත්

colombotoday

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

colombotoday