Colombo Today Local News

සීමාවටත් එහා ණය ගන්න අලුත් පනතක් ගැසට් කරයි.. සම්මත කරගන්න හෙට අනිද්දාම පාර්ලිමේන්තුවට

වාර්ෂික අය-වැය ලේඛනය මඟින් අනුමත කෙරෙන ලබාගත හැකි උපරිම ණය සීමාව ඉක්මවා යමින් විශේෂ අවශ්‍යතා මත ණය ලබා ගැනීමට හැකි වන පරිදි “සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත” නමින් නව පනතක් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

ඊට අදාළ ගැසට් නිවේදනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ දැනුම් දීමෙන් පසුගිය 19දා ගැසට් කොට තිබේ.

නව පනත ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

(මව්බිම)

Related posts

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියකට යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Admin

සත් වසරකට පසු හෙළිවන යුද්ධයේ කොටි රහස්‌ !

colombotoday

“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්

colombotoday

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.

colombotoday