Colombo Today Local News

කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් කෝටි 02කට අධික මුදලක් කොල්ලකෑමට ගිය අයෙකු මාට්ටු

කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් රුපියල් දෙකෝටියකට අධික මුදලක් කොල්ලකෑමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පෙරේදා රාත්‍රියේ වෙළෙඳ සැලට ඇතුළු වී එහි ඇති සේප්පුවලින් රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂ නව දහසකට අධික මුදලක් කොල්ලකෑමට උත්සාහ කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

අද(16) පෙරවරුවේ වෙළෙඳසැල විවෘත කළ අවස්ථාවේ එහි ජල ටැංකියක සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලව, නාගොල්ල පදිංචි 32 දෙදරු පියෙකි.

ඔහු ග්‍රිල් මැෂිමක ආධාරයෙන් මුදල් සේප්පුව බිඳ දමා, මුදල් සොරකම් කර ඇති අතර අනපේක්ෂිත ලෙස ආයතනයේ සේවකයින් අද පෙරවරුවේ සේවා ස්ථානයට වාර්තා කිරීම හේතුවෙන් සැකකරුට පලායාමට නොහැකිව තිබේ.

පොලීසිය පැවසුවේ, සොරකම් කරන ලද මුදල් වෙනත් ස්ථානයක සඟවා රාත්‍රි කාලයේ පලායාමේ අදහසින් සැකකරු ජල ටැංකිය මත සැඟවී සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණවී ඇති බවය.

ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවයි.. පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් !

colombotoday

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday

ලාංකිකයන් 30,000කට ඇමරිකාවේ රැකියා

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් – ජනපති කියයි

Admin

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday