Colombo Today Local News

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

4

ව්‍යාපාරික දින පහක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දැමීමට විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාව තීරණය කර ඇත.

රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දමන්නැයි කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩලය විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එම තීරණය කර තිබේ.

අප්‍රේල් මස 15 දාතම යට‌තේ ලිපියක් යොමු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩලය එම ඉල්ලීම කර තිබිණි.

සුරැකුම් වෙළෙඳපොළේ අනෙකුත් පාර්ශවකරුවන් මෙන්ම කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ද ඉහත කී හේතුවම සඳහන් කරමින් එම ඉල්ලීම ම කර තිබිණි.

Related posts

බැදුම්කර වාර්තාවේ එජාපය ට අවාසි කොළ ඉවත් කරලා…

colombotoday

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70 % ඉක්මවයි !

colombotoday

‘මැන්ඩවුස්’ සුළි කුණාටුව නිවාස 5640ක් හානි කරයි – තුනක් බිලි ගනී

Admin

“ඥානසාර හාමුදුරුවෝ අපි නිසයි හිරබත් කන්නේ” – සිරගත කර ඇති රණවිරුවෝ කණගාටුවෙන්

colombotoday

ආණ්ඩුව පාලනය කරන්නේ ගෑනුත් නොවන, පිරිමිත් නොවන පිරිසක්

colombotoday