Colombo Today Local News

සතොස සුදුලූනු වංචාව ගැන සීඅයිඩියෙන් පරීක්ෂණයක්

සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැතිවරයාගේ මගපෙන්වීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහළම මට්ටමේ පරීක්ෂණයක් අරඹා ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (4)දින පැවැසීය.

ඒ සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය ඇමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලීමක් කළේය.

මේ ආයතනවල වංචාවන් අදටත් සිදුවන බවත් අප කවුරුත් එය පිළිගන්නා තත්වයක් බවත් අලගියවන්න මහතා කීවේය.

කෙසේ වෙතත් මෙම වංචා අවම කර ගැනීම ඉලක්කය බවද හෙතෙම පැවැසීය.

එම පරීක්ෂණ සඳහා තුෂාන් ගුණවර්ධන මහතා අනිවාර්යෙන්ම කැඳවිය යුතු බව පැවසූ අලගියවන්න මහතා ඒ තොරතුරුද ලබාගෙන පරීක්ෂණ කටයුතු නිම කරනු ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ සතොස ආයතනය අතර කිසිදු ගැටුමක් නැතැයි අලගියවන්න මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday

ලෝක ජල දිනය අදයි

colombotoday

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

colombotoday

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin