Colombo Today Local News

රාජිතගේ තව බොරුවක් මාට්ටුයි.. “ආවා කල්ලියට හමුදාව සම්බන්ධ නෑ“ උතුරු ආණ්ඩුකාර කුරේ කියයි

2652326-62ff
තමාගේ දැනුමට අනුව ආවා කල්ලියේ ක්‍රියාවන් පිටුපස හමුදාවේ කිසිම සම්බන්ධයක් නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනෝල්ඩ් කුරේ මහතා පැවසීය. උතුරේ සිදුවන විවිධ පාතාල ක්‍රියා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත හමුදාව විසින් මෙහෙයවන බවට රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද(04දා) මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා මේබව කියා සිටියේය.

එමෙන්ම ඒ පිළිබඳව රාජිත සේනාරත්න මහතාට ප්‍රශ්නයක් තිබේනම් ඒ පිළිබඳව විවිධ ප්‍රකාශයන් මාධ්‍යට ඉදිරිපත් කිරීම නොව හමුදාව, පොලීසිය, අගමැති, ජනාධිපති යනාදී වගකිව යුතු පිරිස් දැනුවත් කර ඒ පිළිබඳව පරීක්ෂණ කළ යුතුව තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. බොහෝ දේශපාලන නායකයන් ජනතාව කොටවමින් ඉතාම ඉක්මනින් බලයට ඒමට උත්සහා කරන බවත්, අවසානයේදී එම ප්‍රශ්න වලින් දුක්විඳින්නේ අහිංසක ජනතාව පමණක් යැයිද ඒ මහතා කීය.

Related posts

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි

colombotoday

දීන වෙලා නිහීන වෙලා සම්බන්ධන්ට, බදුර්දීන්ට,හකීම්ට ඕන විදිහට ජනාධිපති අපේක්ෂකයා තෝරනවා

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..

colombotoday

ශ්‍රී රංගා අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරලා

colombotoday