Colombo Today Local News

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

පොලිසීයට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා රාත්‍රි කාලයේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි වැඩබලන ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඇප දෙන්නැයි ඉල්ලමින් “තමුසෙ කරපු වැඩේ වැරදියි මම තමුසෙගෙ තරු ගලවනවා“ යැයි කියමින් මන්ත්‍රීවරයා වැඩබලන ස්ථානාධිපතිවරයාගේ කමිසයෙන් ඇද තර්ජණය කර ඇත.

Related posts

බැදුම්කර බෑණාත් ජාතිය අමතන්න යයි.. සියළු රහස් හෙළිකිරීමට සූදානම්..

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ

colombotoday

“ආර්ථික අර්බූදයට, ජිනීවා කොමිසමට මහින්ද බය වුණා.. ඡන්දෙට ගියේ ඒ නිසයි” – ජනපති එජාප සමුළුවේදී

colombotoday

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday