Colombo Today Local News

පාද යාත්‍රාවට පෙර බැසිල්, විමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

wimal bazil 566බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ මහතා ඉදිරි දින කිහපය තුළදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාට හෙට පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය වෙත පැමිණෙන්නැයි දන්වා ඇත. ඒ දිවි නැගුම ව්‍යාපෘතියේ සිදුවූවා යැයි කියන අයතා ගනුදෙණුවක් සම්බන්දයෙන් කෙරෙන විමර්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහාය.

එමෙන්ම චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ලබන 26 දා විමල් වීරවංශ මහතාටද පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය වෙත වාර්තා කරන්නැයි දන්වා ඇති බව පැවසෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, ආණ්ඩුවට එරෙහි පාද යාත‍්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

සැලසුම් සහගත ලෙස ආණ්ඩුව එය කි‍්‍රයාත්මක කරමින් සිටින බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර10,000ක් සිලින්ඩර් නැති පවුල් වලට මාර්තුවේ ගෙන්නයි

Admin

ගිනිගත් නැවෙන්ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් වෙරළෙන් ඉවත් කරයි

colombotoday

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

colombotoday

විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව !

colombotoday

අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේ

colombotoday