Colombo Today Local News

රාජිතව මරන්න එනවා කියන අය ගැන බුද්ධි අංශවලට වාර්තා වී නෑ… ඉල්ලුවානම් අමතර ආරක්ෂාවක් දෙනවා

ruwan wijewardana

යහපාලන ආණ්ඩුවේ පිරිසක් ඝාතනය කිරීමේ සූදානමක් තිබෙන බවට රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ සඳහන් කළ කරුණ සම්බන්ධව මෙරට බුද්ධි අංශවලට මෙතෙක් තොරතුරු වාර්තා වී නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රාජිත සේනාරත්න මහතාට අමතර ආරක්ෂාවක් අවශ්‍ය බවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළහොත් එම නිලධාරීන් ලබාදිය හැකි බවයි.

රාජිත ඇමතිතුමාගේ එම ප්‍රකාශය මමත් දැක්කා. නමුත් අපිට කිසිම ආරංචියක් නැහැ. ආරක්ෂක අංශවලට එවැන්නක් කියලත් නැහැ. රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එවැනි ආරක්ෂාවක් අවශ්‍යයි නම් එය ලබාදිය හැකියි.

ඒ සම්බන්ධ මම අපේ බුද්ධි අංශ සමග සාකච්ඡා කළා. නමුත් මදුරාසියෙන් එවැනි පුද්ගලයන් පැමිණෙන බවට වාර්තා නොවන බවයි ඔවුන් සඳහන් කළේ. රටේ විවිධාකාර දේශපාලන මත දරන පුද්ගලයන් විවිධාකාරයට හිතනවා. ඒ නිසා යම් වැටහීමක් තිබෙනවා ඇති. නමුත් ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂක හමුදාව සහ නිලධාරීන් නිරන්තරයෙන් සෝදිසියෙන් සිටිනවා.

සියලු දෙනාට ලබාදී තිබෙන ආරක්ෂාව රාජිත අමාත්‍යවරයාටත් ලබාදී තිබෙනවා. එතුමාගේ ආරක්ෂාවට වැඩිදුර නිලධාරීන් අවශ්‍යයි නම් ඉල්ලීමක් කළොත් අපි ලබාදීමට සූදානම්.

Related posts

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin

අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදුන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් අත්අඩංගුවට

colombotoday

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න. ලිපියකට විපක්ෂ මන්ත්‍රීවරු 5කුත් අත්සන් තබයි.

colombotoday

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday

බැදුම්කර කොමිසමෙන් තවත් රහසක් එළියට.. රෝසිගේ පුතාගේ නමත් ගෑවෙයි !

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin