Colombo Today Local News

ජනපතිගේ එකම අපේක්ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති නිදහස් කරගැනීමයි.. විශේෂ ප්‍රකාශයෙන් ඒ බව තහවුරුයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ එකම අපේක්‍ෂාව රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර චෝදනාවෙන් නිදහස් කර ගැනීම බව ඔහු කල විශේෂ ප‍්‍රකාශයෙන් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

බැඳුම්කර කොමිසම රනිල් ගැලවීමේ කුමන්ත‍්‍රණයක් බව එයින් තහවුරු වූ බවත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උත්සහ කරන්නේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සැබෑ වරදකරුවන් සගවා වෙනත් කණ්ඩායමකට වරද පටවා බැඳුම්කර වංචාව යට ගැසීමට බවත් රණතුුංග මහතා උඩුගම්පල කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද පැවසීය.

ජනතාව සැක කරපු විදිහටම ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම දියාරු කලා, මේක ජනතාව රැවටීමක් ,මේකට රාජපක්‍ෂ කෙනෙක්ගේ නමක් යන්තන් ගෑවිලාවත් තිබුණා නම්, බලන්න තිබුණා ජනාධිපතිවරයා කටයුතු කරන විදිය. මඬ ගහලා බොරු කියල බලය ගත්තට, දැන් මේ ආණ්ඩුවට කලකම් පලදෙනවා. හොරකම් කරන් නෑ කියපු අය එළි පිට හොරකම් කරනවා. මේ හැමදේකින්ම කරන්න උත්සහ කරන්නේ ,බැඳුම් කරේ මහ හොරාව බේර ගන්න. ගමේ කසිප්පු අල්ලපුවාම, හිරේ යන්න කට්ටියක් ඉන්නවා.වෙසක් පෝයට පොදු සමාවෙන් උන් එළියට එනවා, ඒවගේ වැඩක් තමයි මේක.

Related posts

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට රැගෙන එයි

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

විනිසුරුට වෙඩි තැබුවාට විරෝධය.. නීතීඥයින් අධිකරණ වර්ජනයේ.. උතුරේ බස් ධාවනය නවතී..

colombotoday

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

Admin

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

colombotoday